BestWeb.lk

අපි ගැන

Home > අපි ගැන

BESTWEB.LK යනු කුමක්ද ?

LK Domain Registry ආයතනය BestWeb.LK තරඟාවලිය 2009 වර්ෂය සිට සංවිධානය කරන අතර, 2025 වර්ශයේ මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ පහළොස්වන වරටයි.

වර්තමාන ඩිජිටල් යුගයේ, ආකර්ෂණීය සහ කාර්යක්ෂම වෙබ් අඩවියක් ඕනෑම සංවිධානයක ප්‍රමුඛස්ථානයක් ගනී. BestWeb.LK ශ්‍රී ලංකාවේ එකම වෙබ් නිර්මාණ තරඟාවලිය වන අතර, රට පුරාම වෙබ් නිර්මාණකරුවන් ඇගයීමට හා ඔවුන් සඳහා ප්‍රවර්ධන අවස්ථාවන් ලබා දෙන අතිවිශිෂ්ට වේදිකාවක් සපයයි. මෙම තරඟාවලිය .lk ඩොමේන් ඇති සියලු වෙබ් අඩවි සඳහා විවෘතයි.

තරඟකරුවන්ගේ නිර්මාණශීලීත්වය හා තාක්ෂණික දක්ෂතා මෙම තරඟයේදී ඇගයීමට ලක් වේ. වෙබ් නිරමාණකරුවන්ගේ පුළුල් පළපුරුද්ද සහ දක්ෂතාව හඳුනාගැනීමේ හැකියාව ඇති විශේෂඥ විනිශ්චය මණ්ඩලයක් මඟින් වෙබ් අඩවි ඇගයේ. තවද, ජනතාවට ඔවුන්ගේ ප්‍රියතම වෙබ් අඩවිය තෝරා ගැනීමේ අවස්ථාවක් නව Rating සහ Review ක්‍රියාවලිය මඟින් කල හැක.

BestWeb.LK තරඟයට සහභාගී විය යුත්තේ ඇයි?

  1. ජයග්‍රාහකයන් සම්මාන සහ සහතික වලින් ඇගයීමට ලක් කෙරේ.
  2. ඔබගේ වෙබ් අඩවියේ BestWeb.LK ජයග්‍රාහක e-ලාංඡනය ප්‍රදර්ශනය කරමින් ඔබගේ ජයග්‍රහණය ඔබේ වෙබ් අඩවියට පිවිසෙන්නන්ට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමිවේ.
  3. ඔබේ වෙබ් අඩවියට පිවිසෙන්නන්ගේ සහ ඔබේ ව්‍යාපාර හවුල්කරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමට, අලෙවි ප්‍රවර්ධන අවස්ථා සඳහා භාවිත කිරීමට හැකිවේ.
  4. ඔබේ වෙබ් අඩවියේ ආරක්ෂාව පිලිබඳ අධ්‍යනයක්, ඉතාම සුළු මුදලකට කර ගැනීමට හැකිවේ. එහිදී ඔබේ වෙබ් අඩවියේ පැනනැගෙන ගැටළු නිරාකරණය කර ගත හැක්කේ කෙසේද යන්නත්, භාවිතා කළ හැකි ආරක්ෂක උපක්‍රම පිලිබඳ උපදෙස් ලබාදෙයි.
  5.  ජයග්‍රාහකයින් අප “www.bestweb.lk” වෙබ් අඩවියේ ලේඛනගත වන අතර, ඔවුන්ගේ වෙබ් අඩවියට direct link එකක්ද එමඟින් ලබාදෙයි. මෙය ඔබේ වෙබ් අඩවියේ online SEO වැඩි කරන අතර, ඔබේ ව්‍යාපාරයට online ප්‍රජාවගේ විශ්වාසභාවය තවදුරටත් වර්ධනය කිරීමට වාසිදායක වේ.
  6. පක්ෂග්‍රාහී නොවන වෙබ් ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් ඔබේ වෙබ් අඩවියේ නිර්මාණශීලිත්වය, ග්‍රැෆික් නිර්මාණයන්හී ගුණාත්මකභාවය, කලාත්මකභාවය, තාක්ෂණික ප්‍රවීණතාවය සහ පරිශීලකයාගේ අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා භාවිත කර ඇති විශේෂාංග තක්සේරු කරගැනීමට අවස්ථා සලසයි.
  7. වෙබ් අඩවියට පිවිසෙන්නන් එම වෙබ් පිටුවේ රඳවා ගැනීමට හොඳ වෙබ් නිර්මාණයක ඇති වැදගත්කම අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය.

BestWeb.LK සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

 ඔබගේ අයදුම්පත පිරවීමට, www.bestweb.lk වෙත පිවිස home පිටුවේ “අයදුම් කරන්න” යන බොත්තම ක්ලික් කරන්න. නැතිනම් rs.domains.lk වෙත පිවිස ඔබගේ අයදුම්පත ඉදිරිපත් කරන්න. ඔබ සතුව දැනටමත් ගිණුමක් තිබේ නම්, එම ගිණුමට log in වී අයදුම්පත සම්පූර්ණ කල හැක. නමුත් ඔබ domains.lk හී නව ගනුදෙනුකරුවෙකු නම්, කරුණාකර නව ගිණුමක් සාදා අයදුම් පත යොමු කල යුතු වේ. ඔබ ඩොමේන් නාමයේ registrant හෝ admin සම්බන්ධතාවය ලෙස ලැයිස්තුගතවී නොමැති නම්, ඔබ යොමු කල අයදුම්පතෙහී කොපියක් එම ඩොමේන් නාමයේ registrant සහ admin සම්බන්ධතාවයට තහවුරු කිරීමට විද්‍යුත් තැපෑලක් යවනු ලැබේ.

අයදුම්පත සම්පූර්ණ වීම සඳහා ඔවුන් එය තහවුරු කළ යුතුය. අතිරේකව, gov.lk, sch.lk, සහ ac.lk වෙබ් අඩවි ඉදිරිපත් වීමේදීද මෙම ලියාපදිංචි කිරීමේ පද්ධතිය භාවිතා කළ හැකිය. මෙම ඩොමේන් සඳහා, එම ව්‍යාපාරයේ අනුමත පුද්ගලයෙකු විසින් මුද්‍රා සහිත අත්සන් කළ ලිපියක් ලබා දිය යුතු අතර, එය bestweb@domains.lk වෙත විද්‍යුත් තැපෑලෙන් යැවීමට හෝ අයදුම් පත යොමු කල පද්ධතියටම upload කිරීමට හැකි වේ. ඔබගේ වෙබ් අඩවිය තරඟාවලියේ නිර්ණායකවලට අනුකූල වන බව සහතික කිරීමට කරුණාකර නියම සහ කොන්දේසි සමාලෝචනය කරන්න.

මෙම වසරේ, රු. 6,000 ක ස්ථාවර අයදුම්පත් ගාස්තුවක් තිබේ. සියලුම කාණ්ඩ සඳහා මෙම ගාස්තුව අනිවාර්ය වේ.

ද්විත්ව පිළිගැනීම

TOPWEB.LK සහ
BESTWEB.LK ද්විත්ව ජයග්‍රහණය

BestWeb.LK වාර්ෂික තරගයක් වන අතර TopWeb.LK මාසිකව ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘති දෙකම LK Domain Registry විසින් පවත්වනු ලබන අතර, .LK වෙබ් අඩවිවල ප්‍රමිතීන් ඉහළ නැංවීම මෙහි අරමුණ වේ. BestWeb.LK බහු කාණ්ඩ සහ විශේෂ සම්මාන ප්‍රදර්ශනය කරන අතර, TopWeb.LK ශක්තිමත් වෙබ් අඩවියක පදනම සකස් කරන මූලික ගුණාංග තක්සේරු කිරීමට අවධානය යොමු කරයි.

TopWeb.LK ඇගයීම, BestWeb.LK හි ඔබගේ ස්ථානය සුරක්ෂිත කර ගැනීම සඳහා වන පළමු පියවර ලෙස සිතන්න. TopWeb.LK හි සහභාගී වීමෙන්, ඔබට ඔබගේ වෙබ් අඩවියේ ගුණත්වය පිළිබඳ පූර්ව අවබෝධයක් ලැබෙන අතර ඊළඟ වාර්ෂික චක්‍රය සඳහා රැඳී නොසිට BestWeb.LK තරඟයේ ඔබගේ ස්ථාවරය පිළිබඳ නිසි අදහසක් ලබා ගත හැකිය.

අතිරේකව, සහභාගිවන්නන්ට ඔබගේ වෙබ් අඩවිය වැඩි දියුණු කිරීමට සහ ඉහළ නැංවීමට උපකාර කිරීම සඳහා සවිස්තරාත්මක වාර්තාවක් (report) ලැබේ. 2024 සැප්තැම්බර් සිට 2025 ජූනි දක්වා TopWeb.LK හි ජයග්‍රාහකයන්, BestWeb.LK 2025 සඳහා තරඟකරුවන් ලෙස සුදුසුකම් ලබනු ඇත.

TopWeb.LK සහ BestWeb.LK සමඟ ද්විත්ව ඇගයීමක් ලබා ගන්න.

  • BestWeb.LK වාර්ෂික තරඟයක් වන අතර TopWeb.LK මාසිකව පවත්වනු ලබන වෙබ් අඩවි ඇගයීමේ ක්‍රියාවලියකි.
  • BestWeb.LK තරඟය සඳහා විවිධ කාණ්ඩ හරහා ඔබේ වෙබ් අඩවියට අයදුම් කල හැකි වන අතර, තවත් විශේෂ සම්මානද ලබා දෙයි. TopWeb.LK මඟින් වෙබ් අඩවියේ පොදු ගුණාංග කෙරෙහි අවධානය යොමු කරයි. තරඟ දෙකම “.LK” වෙබ් අඩවිවල ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් පැවෙත්වේ.
  • TopWeb.LK හි සහභාගී වීම සහ ජයග්‍රහණය BestWeb.LK හි ඔබගේ අවස්ථාව සැලකිය යුතු ලෙස වැඩිවේ. TopWeb.LK හි සාර්ථකත්වය සුරක්ෂිත කිරීමෙන්, තවත් වාර්ෂික චක්‍රයක් සඳහා රැඳී නොසිට BestWeb.LK හි ඔබගේ ස්ථාවරය පිළිබඳ සහතික විය හැකිය. එබැවින්, ඔබගේ සාර්ථකත්වයේ අවස්ථා උපරිම කර ගැනීම සඳහා TopWeb.LK සඳහා අයදුම් කිරීම අපි නිර්දේශ කරමු.
  • BestWeb.LK වාර්ෂික තරඟය ජයග්‍රහණය සඳහා ශ්‍රේෂ්ඨතමයන් අතරට ඒම අනිවාර්ය වන අතර, TopWeb.LK අවම ප්‍රමිතිය සපුරාලන සියලුම අඩවි පිළිගනී.
  • BestWeb.LK විනිශ්චය කරනු ලබන්නේ තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් වන අතර, TopWeb.LKහි ඇගයීමට මිනිස් විනිශ්චය අවම වන අතර අර්ධ ස්වයංක්‍රීයකරණ ක්‍රියාවලියකට සිදුවේ.
Skip to content
This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.