BestWeb.lk

නියම සහ කොන්දේසි

Home > නියම සහ කොන්දේසි

සුදුසුකම් නිර්ණායක

  • BestWeb.LK තරඟය .lk ඩොමේන් යටතේ ලියාපදිංචි කර ඇති සියළුම වෙබ් අඩවි සඳහා විවෘතය (.lk/gov.lk/ac.lk/sch.lk).
  • රු. 6,000 අයදුම්පත් ගාස්තුව ගෙවා අයදුම්පත් සම්පූර්ණ කළ යුතු අතර, මෙම මුදල ගෙවීමෙන් පසුව අයදුම්පත සම්පූර්ණ වේ.
  • පහත සඳහන් ඕනෑම දෙයක් අඩංගු වෙබ් අඩවි සුදුසුකම් නොලබයි.
  1. නීති විරෝධී, අසභ්‍ය, අපවාදජනක හෝ ඉතා අඥාන, එම වෙබ් අඩවි වලට සුදුසු නොවන අන්තර්ගතයන්.
  2. ගුණාත්මකභාවයෙන් අඩු හෝ අපහාසාත්මක අන්තර්ගතයක් ඇති වෙබ් අඩවි.
  3. ඕනෑම හේතුවක් නිසා විනිශ්චය මණ්ඩලය විසින් තරඟයට නොසුදුසු යැයි සලකන ලද වෙබ් අඩවි.
  • බහුභාෂික වෙබ් අඩවි සුදුසුකම් ලබන්නේ යුනිකෝඩ් ප්‍රමිතිවලට අනුකූලව සකස් කර ඇති නම් පමණි.
  • .com හෝ redirecting වෙබ් අඩවි තරඟය සඳහා සුදුසුකම් නොලබයි.
  • අවසන් විනිශ්චය දිනය දක්වා, තරඟය පුරාවට BestWeb.LK e -ලාංඡනය වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කළ යුතුය.එසේ නොකිරීම නිසා එම වෙබ් අඩවිය නුසුදුසු ලෙස සැලකේ. 
  • සහභාගී වන .lk ඩොමේන් අයදුම් කරන අවස්ථාවේදී සහ තරඟ කාල සීමාව පුරාවට කල් ඉකුත් නොවී තිබිය යුතුය.

TopWeb.LK හරහා ඇතුල්වීම

  • සැප්තැම්බර් සිට මැයි දක්වා TopWeb.LK ජයග්‍රාහකයින්ට තරඟයට සෘජුව ප්‍රවේශ විය හැක. උදා. – 2025 ඔක්තෝබර් සිට 2026 ජුනි දක්වා ජයග්‍රාහකයින්ට BestWeb.LK 2026 තරඟයට සෘජු ප්‍රවේශය ලැබේ.
  • BestWeb.LK තරඟය සඳහා අයදුම්පත් ගාස්තුවක් අවශ්‍ය නැත.
  • නැවත අයදුම් කිරීමේ අවශ්‍යතාවකින් තොරව BestWeb.LK තරඟයට සෘජුවම ඇතුළත් වේ.
  • අදාළ වෙබ් අඩවි හිමියන් ඔවුන්ගේ වෙබ් අඩවිය අයත් වන කාණ්ඩය තෝරා ගත යුතු අතර සහ අවශ්‍ය අනෙක් තොරතුරු සැපයිය යුතුය.
  • ඉහත සඳහන් කර ඇති දේ හැර අනෙකුත් සියළුම BestWeb.LK නියම සහ කොන්දේසි අදාළ වේ.

අයදුම් කිරීමේ නිර්ණායක

  • රු. 6,000 අයදුම්පත් ගාස්තුව ගෙවීමෙන් සහ bestweb@domains.lk වෙතින් තහවුරු කිරීමේ ඊමේල් එක ලැබීමෙන් වෙබ් අඩවියක් තරඟයට ඇතුළත් වූ බව සලකනු ලැබේ.
  • අයදුම්පත් ගාස්තුව කිසිදු හේතුවක් නිසා ආපසු ගෙවනු නොලැබේ.
  • ලියාපදිංචි කාල සීමාව තුළ www.bestweb.lk හි තරඟය සඳහා ලියාපදිංචි වන සබැඳිය සපයනු ලැබේ.
  • තරඟය සඳහා අයදුම් කරන අවස්ථාවේදී සම්මාන කාණ්ඩය තෝරා ගැනීම අයදුම් කරුවන්ගෙන් බලාපොරොත්තු වේ.
  • අයදුම් කළ සම්මාන කාණ්ඩය ඔබේ වෙබ් අඩවියට නොගැලපුනොත්, ලිඛිතව හෝ අන්‍යෝන්‍ය එකඟතාවයකින් එම කාණ්ඩය වෙනස් කල හැක. කෙසේ වෙතත්, අවසන් තීරණය ගනු ලබන්නේ විනිශ්චය මණ්ඩලයට විසිනි.

.lk Domains සඳහා අයදුම් කිරීම

  • ඩොමේන් ලියාපදිංචිකරු (registrant) හෝ පරිපාලක (admin)  AccountLogin හරහා සෘජුව online අයදුම්පත ඉදිරිපත් කළ හැකිය.
  • ඩොමේනයේ තාක්ෂණික (technical) හෝ ගිණුම් (billing) සම්බන්ධතාවයෙන්ද online අයදුම්පත ඉදිරිපත් කළ හැකිය. කෙසේ වෙතත්, ඩොමේන් ලියාපදිංචිකරුගේ (registrant) එකඟතාවය අනිවාර්ය වේ.
  • ඉහත සඳහන් ඩොමේන් සම්බන්ධතා කිසිවෙකු අයදුම් නොකරන්නේ නම්, ඩොමේන් ලියාපදිංචිකරුගේ (registrant) එකඟතාවය අනිවාර්ය වේ. මෙය අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී ලියාපදිංචිකරු (registrant) / පරිපාලකයා (admin) වෙත යවන ලද link එක හරහා හෝ  bestweb@domains.lk වෙත ලිඛිත එකඟතාවයක් යැවීමෙන් තහවුරු කළ හැකිය.

gov.lk / ac.lk / sch.lk Domains සඳහා අයදුම් කිරීම

  • gov.lk හෝ LK Domain Registry ආයතනය විසින් පරිපාලනය නොකරන අනෙකුත් .lk ඩොමේන් (උදා. ac.lk, sch.lk, ආදිය) සඳහා, වෙබ්මාස්ටර් හෝ ඕනෑම බලයලත් නිලධාරියෙකුට AccountLogin හරහා online අයදුම්පත ඉදිරිපත් කළ හැකිය. නමුදු පහත ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතුය:
  1. අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී ලැබුණු ඊමේල් එක මුද්‍රණය කරන්න.
  2. නිල මුද්‍රාව සමඟ බලයලත් නිලධාරී/කොමසාරිස්වරයාගේ අත්සන ලබා ගන්න.
  3. එම අත්සන් කළ ලේඛනය ස්කෑන් කර තරඟයට අයදුම් කළ පද්ධතිය හරහා ඉදිරිපත් කරන්න හෝ  bestweb@domains.lk වෙත ඊමේල් කරන්න.

සන්නිවේදන නිර්ණායක:

  • සියළුම අයදුම්කරුවන් ඔවුන් සපයා ඇති සබදතා විස්තර හරහා සම්බන්ද කර ගත හැකි විය යුතුය.
  • අයදුම්කරුවන් හට තරඟය අතරතුර යවන ලද සියළුම ඊමේල් උනන්දුවෙන් සහ ඔවුන්ට පුළුවන් ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම අපේක්ෂා කෙරේ.
  • අමතර තොරතුරු ඉල්ලා සිටීමේ අයිතිය විනිශ්චය මණ්ඩලය සතු වන අතර, ඒවා අවශ්‍ය කාල සීමාවට නොලැබුණහොත්, ලියාපදිංචි කළ වෙබ් අඩවියක් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඔවුන් හට ලැබේ.

ශ්‍රේණිගත කිරීම සහ සමාලෝචන නිර්ණායක:

  • ශ්‍රේණිගත (rate) කිරීම සහ review කාල සීමාව නිල වශයෙන් නිවේදනය කරන ලද කාල සීමාවට අනුව අනුගමනය කරනු ලැබේ.

මහජන සහභාගීත්වය:

  • ජනතා සහභාගිත්වය: ගිණුමක් අවශ්‍ය නොවී ඕනෑම කෙනෙකුට සහභාගී වන සියලු වෙබ් අඩවි වලට ශ්‍රේණිගත (rate) කිරීම කළ හැකිය. කෙසේ වෙතත්, සත්‍යාපිත (verified) පරිශීලකයෙක් (ඔවුන්ගේ ඊමේල් හෝ දුරකථනයට ලැබෙන OTP එක හරහා) ශ්‍රේණිගත (rate) කිරීම් සම්පූර්ණ කළහොත් එයට 100% අගයක් ලැබෙන අතර, සත්‍යාපනය නොකරන පරිශීලකයන්ගේ ශ්‍රේණිගත (rate) කිරීමට 100% අගයක් නොලැබේ.

ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය:

  • පරිශීලකයින්ට සෑම වෙබ් අඩවියක්ම 1 සිට 5 දක්වා පරිමාණයකින් ශ්‍රේණිගත (rate) කළ හැකිය.
  • සෑම පුද්ගලයෙකුටම වෙබ් අඩවියක් ශ්‍රේණිගත කර (rate) review කළ හැක්කේ එක් වරක් පමණි.
  • පරිශීලකයින් හට ශ්‍රේණිගතකිරීමක් (rate) ඉදිරිපත් කිරීමෙන් පසු, එම කාණ්ඩයේ අනෙකුත් වෙබ් අඩවි ශ්‍රේණිගත (rate) කල හැක.

සමාලෝචන ඉදිරිපත් කිරීම:

  • ශ්‍රේණිගත (rate) කිරීමක් ලබා දීමෙන් පසුව පමණක් review ඉදිරිපත් කළ හැකිය.
  • සියලුම review ප්‍රසිද්ධව පල නොකරන අතර BestWeb.LK විනිශ්චය මණ්ඩලයට සහ අදාල වෙබ් අඩවි අයිතිකාරයින්ට පරිපාලකයින්ට පමණක් පසුව ලබා දේ.
  • සියළුම review එක්කාසු කර එම සියලුම ප්‍රතිචාර අදාළ වෙබ් අඩවි හිමියන්/ වෙබ් නිරමකරුවන් සමඟ බෙදා ගනු ලැබේ. එම reviews ඔවුන්ට ඔවුන්ගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීම සඳහා යොදා ගත හැක.

වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි සම්මානය සඳහා සුදුසුකම් ලබන්නේ කෙසේද:

  • සුදුසුකම් ලබා ගැනීම සඳහා එම වෙබ් අඩවියට අවම වශයෙන් සත්‍යාපිත ශ්‍රේණිගත (rate) කිරීම් 400ක් ලැබිය යුතුය.
  • සුදුසුකම් ලත් අය අතරින්, ඉහළම සාමාන්‍ය ලකුණු [ශ්‍රේණිගත (rate) කිරීම් සලකා බලා] ඇති වෙබ් අඩවිය එම කාණ්ඩයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබේ.

වංචා වැළැක්වීම සහ නුසුදුසුකම:

  • බොට්, ව්‍යාජ ගිණුම් හෝ rate & review පද්ධතිය අයුතු ලෙස හැසිරවීමේ ඕනෑම උත්සාහයක් [උදා. වංචනික ශ්‍රේණිගත (rate) කිරීම්] දැඩි ලෙස තහනම් කර ඇත.
  • එවැනි ක්‍රියාකාරකම්වල නිරත වන බව සොයා ගන්නා වෙබ් අඩවි තරඟයේ නුසුදුස්සන් ලෙස නම් කළ හැකිය.

ලාංඡනය ප්‍රදර්ශන නිර්ණායක:

අයදුම්කරුවන්ගේ වෙබ් අඩවියේ BestWeb.LK e-ලාංඡනය ප්‍රදර්ශනය කිරීම පිලිබඳ:

  • මුලික security ස්කෑන් එකෙන් පාස් වීමෙන් පසු, අදාළ වෙබ් අඩවියේ BestWeb.LK e-ලාංඡනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වේ. e-ලාංඡනය පිළිබඳ සියලු විස්තර ඊමේල් හරහා සන්නිවේදනය කරනු ලැබේ.
  • සපයා ඇති e-ලාංඡනය කිසිදු ආකාරයකින් වෙනස් නොකළ යුතුය.
  • අවසන් විනිශ්චය සහ සම්මාන උත්සවය සම්පූර්ණ වන තුරු තරඟය පුරාවට e-ලාංඡනය අඛණ්ඩව වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීම සියළුම අයදුම්කරුවන්/තරඟකරුවන්ගේ වගකීමකී (නිශ්චිත දිනයන් සඳහා කාල සීමාව බලන්න).
  • තරඟ කාල සීමාව අතරතුර e-ලාංඡනය ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වන වෙබ් අඩවි නුසුදුස්සන් ලෙස නම් කරනු ලැබේ.
  • ජනප්‍රිය අඩවි තේරීම සඳහා ඡන්ද ප්‍රකාශන සබැඳිය ද පසුව එන ඡන්දය ප්‍රකාශන කාල සීමාව අතරතුර එම e-ලාංඡනයටම සම්බන්ධ කරනු ලැබේ.

BestWeb.LK ජයග්‍රහණ e-ලාංඡනයේ ප්‍රදර්ශනය විය යුත්තේ කෙසේද:

  • ජයග්‍රාහකයින්ට ඔවුන්ගේ වෙබ් අඩවියේ අදාළ ජයග්‍රහණ e-ලාංඡනය ප්‍රදර්ශනය කිරීමේ අයිතිය ඇති අතර ඔවුන් ඒ සඳහා දිරිමත් කරනු ලැබේ.
  • අදාළ ජයග්‍රාහකයින් සඳහා LK Domain Registry ආයතනය විසින් සපයන ලද ජයග්‍රහණ e-ලාංඡනය භාවිතා කළ යුතුය.
  • ජයග්‍රාහකයින්ට ජයග්‍රහණය කල වෙබ් අඩවියේ සමඟ තම ප්‍රවර්ධන කටයුතු/දැන්වීම්වල ජයග්‍රහණ e-ලාංඡනය භාවිතා කළ හැකිය.
  • e-ලාංඡනය ජයග්‍රහණ අඩවියේ පමණක් ප්‍රදර්ශනය කළ යුතුය.
  • ඉහත සඳහන් කර ඇති ඕනෑම කොන්දේසියක් උල්ලංඝනය කිරීම අදාළ ජයග්‍රහණය අහෝසි කිරීමේ ක්‍රියාමාර්ගයට තුඩු දිය හැකිය.

සුහුරුසර Certified Web Developer සඳහා ජයග්‍රහණ ලකුණු ලබා දෙන ආකාරය:

ජයග්‍රහණ ලකුණු සඳහා සුදුසුකම් ලබන්නේ කෙසේද:

  • සුහුරුසර වැඩසටහනේ අවම වශයෙන් එක් සහතිකයක් හෝ සම්පූර්ණ කරන ලද පුද්ගලයෙක් හෝ සමාගමක් වශයෙන් තරඟ වදින අවස්ථාවකදී එම සමාගමේ එක් පුද්ගලයෙකු සිටිය යුතුය.
  • සහතිකය front-end development techniques හෝ security practices වැනි නිශ්චිත ක්ෂේත්‍රවලට අදාළ විය යුතු අතර, ලබා ගත් කුසලතා තරඟ නිර්ණායක සමඟ සමාන විය යුතුය.

ජයග්‍රහණ ලකුණු වෙන් කිරීම:

  • Website Design: front-end development techniques පාඨමාලාව සම්පූර්ණ කළ වෙබ් නිර්මාණකරුවෙකු සඳහා Website Design නිර්ණායකය යටතේ අමතර ජයග්‍රහණ ලකුණු 2ක් ප්‍රදානය කරනු ලැබේ.
  • පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව: security practices පිළිබඳ පාඨමාලාව සසම්පූර්ණ කළ වෙබ් නිර්මාණකරුවෙකු සඳහා PRIVACY / SECURITY යටතේ අමතර ලකුණු 2ක් හිමිවනු ඇත.
  • කණ්ඩායමක Certified Web Developers සංඛ්‍යාව වැඩි වන ආකාරය අනුව ලකුණු වෙනස් නොවේ. ගණන කෙසේ වුවත්, ලැබෙන ලකුණු සංක්‍යාව 2කකට සීමා වේ.

තහවුරු කිරීමේ ක්රියාවලිය:

  • සහභාගිකරුවන් පාඨමාලාව සම්පූර්ණ කිරීමේ සාක්ෂියක් ලෙස ඔවුන්ගේ සුහුරුසර ඊ-සහතිකය ඉදිරිපත් කළ යුතුය.
  • ජයග්‍රහණ ලකුණු ප්‍రදානය කිරීමට පෙර සහතිකයන් සත්‍යාපනය කිරීමේ අයිතිය BestWeb.LK කණ්ඩායම සතුයි.
  • වලංගු සාක්ෂි සැපයීමට අපොහොසත් වීම ජයග්‍රහණ ලකුණු අහිමි වීමට තුඩු දිය හැකිය.

පොදු මාර්ගෝපදේශ:

  • තරඟය අතරතුර ගැටුම් ඇති වුවහොත්, විනිශ්චය කරුවන්ගේ තීරණය, අවසාන තීරණය යැයි සලකනු ලැබේ.
  • විනිශ්චය කරුවන්ට බලපෑම් කරන හෝ තරඟකරුවන් සම්බන්ධයෙන් අවාසි සහගත තොරතුරු ප්‍රවර්ධනය කිරීමේ නිරත වන තරඟකරුවන් වහාම තරඟයේ නුසුදුස්සන් ලෙස නම් කරනු ලැබේ.
  • ජයග්‍රාහී වෙබ් අඩවි තේරීම සම්පූර්ණයෙන්ම විනිශ්චය කරුවන්ගේ අභිමතය මත වන අතර අයදුම්කරුවන් හට එයට එදිරි විය නොහැකිය.
  • තෝරාගත් වෙබ් අඩවි “Time Frame” හි සඳහන් “අයදුම්පත් සමාලෝචන කාලසීමාව” තුළ (ප්‍රතිඵල නිකුත් වනතුරු) security scan එකකට ලක් විය හැක. මෙය වෙබ් අඩවියේ ආරක්ෂක මට්ටම අනුව තරඟයට සුදුසුකම පරීක්ෂා කිරීම සඳහා සිදු කෙරේ. ආරක්ෂක දුර්වලතා හඳුනාගන්නා වෙබ් අඩවි හිමිකරුවන්ට, තරඟයේ තවදුරටත් සහභාගී වීමට අවශ්‍ය නම්, වෙබ් අඩවියේ වහාම එම දේවල් සාදා ගැනීමට කටයුතු කල යුතුය. BestWeb.LK තාක්ෂණික කණ්ඩායම ලබාදෙන නියමිත කාලසීමාව තුළ එම ගැටළු නිරාකරණය කිරීමට අපොහොසත් වීම සහ ඒ පිළිබඳව නිසි ලෙස දැනුම් නොදීමක් වුවහොත්, තරඟයෙන් නුසුදුස්සන් ලෙස නම් කිරීමට සිදුවේ.
  • ලැයිස්තුගත කර ඇති නව කාණ්ඩ සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයන් ලැබෙන්නේ නැති අවස්ථාවේදී, සාධාරණ තරඟයක් සහතික කිරීමේ අරමුණින් මෙම කාණ්ඩ ඒකාබද්ධ කිරීමේ අයිතිය විනිශ්චය කරුවන් සතුයි. ඇගයීමේ කාල සීමාව ආරම්භ වීමට පෙර එවැනි කාණ්ඩ ඒකාබද්ධකිරීම් පිළිබඳව සහභාගිකරුවන්ට නිසි ලෙස දැනුම් දෙනු ලැබේ.
Skip to content
This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.