BestWeb.lk

තරඟ අදියර

Home > තරඟ අදියර

තරඟාවලිය අවධි පහකින් සිදු වනු ඇත

ලියාපදිංචි

  • ලියාපදිංචි කාල සීමාව තුළ .lk, gov.lk, ac.lk, sch.lk ඩොමේන් හිමියන්ට තරගයට ලියාපදිංචි වීම කල හැකි අතර, ඔවුන්ට www.bestweb.lk වෙත පිවිස අයදුම් පත යොමු කල හැකිය.
  • ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී සිදුවිය හැකි ප්‍රමාදයන් වැළැක්වීම සඳහා නියමයන් සහ කොන්දේසි පරීක්ෂා කිරීමෙන් ඔබේ වෙබ් අඩවියේ සුදුසුකම් තහවුරු කර ගැනීමට වග බලා ගන්න.
  • මෙම වසරේ, රු. 6,000ක අයදුම්පත් ගාස්තුවක් තිබේ. අයදුම්පත් පෝරමය සම්පූර්ණ කිරීමෙන් පසුව මෙය online ගෙවිය හැකිය.

පරීක්ෂණ අවදිය

  • 2024 සැප්තැම්බර් සිට 2025 ජුනි දක්වා TopWeb.LK හි ජයග්‍රාහකයින් BestWeb.LK 2025 සඳහා තරඟකරුවන් ලෙස සුදුසුකම් ලබයි.
  • මෙම අදියර සඳහා තෝරා ගැනීම පදනම් වන්නේ සාර්ථක මූලික ආරක්ෂක ස්කෑන් පරීක්ෂණයක් සහ සුදුසුකම් නිර්ණායකයන්ට අනුකූල වීම මත ය. විනිශ්චය කාලය සඳහා සූදානම් වීමේදී ඔබේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරමින් TopWeb.LK හරහා සවිස්තර වාර්තාවක් සපයනු ලැබේ.
  • මෙම අදියර සඳහා නිවේදන වෙබ් අඩවිය සහ විද්‍යුත් තැපෑල හරහා සන්නිවේදනය කෙරේ.
  • අනිවාර්ය නිර්ණායකය: ඔබේ වෙබ් අඩවියේ BestWeb.LK e-ලාංඡනය ප්‍රදර්ශනය කරන්න; එය නොමැති වීම ඔබේ වෙබ් අඩවිය නුසුදුස්සකු වීමට හේතු වේ.
  • මෙම අදියරේ අයදුම්කරුවන්වම Rate සහ Review සඳහා තෝරාගනු ලැබේ.

Rate සහ Review

  • මහජනතාවට කාණ්ඩය අනුව කෙටි ලැයිස්තුගත වෙබ් අඩවි පරිශීලනය කිරීමට සහ ඔවුන්ගේ සමස්ත හැඟීම මත පදනම්ව එක් එක්ක (තරු 1 සිට 5 දක්වා) ශ්‍රේණිගත කිරීමට හැකිය.
  • පරිශීලකයින්ට Guest කෙනෙක් ලෙස හෝ එක් වරක් ලබාදෙන OTP (ඊමේල්/දුරකථන) එකක් ඔස්සේ තහවුරු කරමින් Rating කිරීමට හැකියාව ඇත. තහවුරු කරන ලද Rating කිරීම් සම්පූර්ණ අගයක් ලබා ගන්නා අතර, Guest ශ්‍රේණිගත කිරීම්වල බලපෑම සීමිත වේ.
  • වෙබ් අඩවියකට සුදුසුකම් ලැබීම සඳහා අවම වශයෙන් තහවුරු කරන ලද Rating 400ක් ලැබිය යුතුය. ඉහළම සාමාන්‍ය ලකුණු (Rating කිරීමේ සම්පූර්ණ අගය සැලකිල්ලට ගනිමින්) ඇති වෙබ් අඩවිය අදාළ කාණ්ඩයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය ලෙස නම් කරනු ලැබේ.
  • Rating කිරීම් ඉදිරිපත් කිරීමෙන් පසුව, පරිශීලකයන්ට වෙබ් අඩවිය පිලිබඳ Review එකක් ද ලබා දිය හැකිය. මෙම Review ප්‍රසිද්ධව පල නොවන නමුත් වෙබ් අඩවිය වැඩිදියුණු කිරීම සඳහා විනිශ්චයකරුවන් සහ වෙබ් අඩවි හිමියන් සමඟ බෙදා ගනු ලැබේ.
  • සියලුම සුදුසු වෙබ් අඩවි තරඟ කාල සීමාව තුළ ඔවුන්ගේ මුල් පිටුවේ අපගේ නිල e-ලාංඡනය ප්‍රදර්ශනය කළ යුතු අතර, ඒ හරහා BestWeb.LK Rating සහ Review පද්ධතියට සෘජුවම සම්බන්ධ විය හැකිය.

ඇගයීම සහ නාමයෝජනා නිවේදනය

  • විශේෂ විනිශ්චය නිර්ණායක මත පදනම්ව මෙහි ජයග්‍රාහකයින් තෝරාගන්නා ලබන අතර, වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් ඇතුළුව තෝරාගත් ICT ක්ෂේස්ත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබේ.
  • සෑම කාණ්ඩයකම සියලුම නාමයෝජිතයන් අපගේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරනු ලබන අතර එම නාමයෝජිතයන් අතර රන්, රිදී, ලෝකඩ, Best Mobile Optimization වෙබ් අඩවිය සහ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි යන ජයග්‍රහණය කර ඇති වෙබ් අඩවි ඇතුලත් වේ. මේ පිලිබඳ අදාළ ජයග්‍රාහකයන්ට විද්‍යුත් තැපෑල හරහා දැනුම් දෙනු ලැබේ.

සම්මාන රාත්‍රිය

  • ජයග්‍රාහකයන් සම්මාන දිනයේදී හෙළි කරනු ලබන අතර, සියලුම නාමයෝජිතයන් සම්මාන රාත්‍රියේ ජයග්‍රහණයක් සමඟ පිටත්ව යාම සහතිකයි. ඔබගේ සම්මානය ලබා ගැනීමේ ඔබගේ ක්‍රියාකාරී සහභාගිත්වය උනන්දුවෙන් අපේක්ෂා කරනු ලැබේ.
  • වෙබ් අඩවි ජයග්‍රාහකයන් පිළිගැනීමට අමතරව, අපි එම ජයග්‍රාහකයින් වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරන අතර එම වෙබ් නිර්මාණකරුවන් සම්මාන රාත්‍රියේදීද පිළිගැනීමට ලක් කෙරේ.
Skip to content
This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.