BestWeb.lk

ඇගයීම

Home > ඇගයීම

Your Rating Decides the Winner!

RATING & REVIEWIS NOW LIVE FOR

BESTWEB.LK 2025!

We are excited to introduce the new and improved method for recognizing the Most Popular Websites across all categories — the BestWeb.LK Rate & Review System.

This change moves beyond simple vote counts, offering a more meaningful evaluation that combines public ratings with quality assessments. The system is now live, and Rate & Review is open until 9th July 2025!

Days
Hours
Min
TimeOut

RATE & REVIEW
දැන් වසා ඇත

BESTWEB.LK 2025!

BestWeb.LK 2025 ප්‍රතිඵල සඳහා රැඳී සිටින්න. අවසාන විනිශ්චය ක්‍රියාවලිය අවසන් වූ පසු නාමයෝජනා ප්‍රකාශයට පත් කෙරේ. නිල නිවේදනය බලාපොරොත්තුවෙන් සිටින්න!

ඔබේ ප්‍රියතම වෙබ් අඩවියට සහාය වීමට අවශ්‍යයි

එය RATE සහ REVIEW කෙරෙන්නේ කෙසේද යන්න මෙන්න!

Rate සහ Review පද්ධතිය

සියලුම කාණ්ඩ හරහා වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි හඳුනා ගැනීම සඳහා නව සහ වැඩිදියුණු කරන ලද ක්‍රමයක් – BestWeb.LK Rate හා Review කිරීම් පද්ධතිය හඳුන්වා දීමට අපි කැමැත්තෙමු.

මෙම වෙනස අපව සරල ඡන්ද ගණන් කිරීමෙන් ඔබ්බට, මහජන ශ්‍රේණිගත කිරීම් සහ ගුණාත්මක පාලනය යන දෙකම සලකා බලන ඇගයීමක් කරා ගෙන යයි.

ශ්‍රේණිගත (Rate) කිරීම ක්‍රියා කරන ආකාරය

01. වෙබ් අඩවි Rate කිරීම

මහජනතාවට කාණ්ඩ අනුව ලැයිස්තුගත කරන ලද සියලුම වෙබ් අඩවි rate කිරීමට හැකි වේ. rate කිරීමක් ඉදිරිපත් කිරීමට පෙර අමුත්තන්ට එක් එක් අඩවිය බැලීමට හැකි වන පරිදි direct link එකක් සපයනු ලැබේ

02. Rate කිරීමේ ක්රියාවලිය
  • පරිශීලකයන්ට ඔවුන්ගේ සමස්ත අදහස මත පදනම්ව 1 සිට 5 දක්වා එක් වෙබ් අඩවියක් rate කිරීමට හැකිය.
  • සාධාරණත්වය සහතික කිරීම සඳහා එක් පුද්ගලයෙකුට නිශ්චිත වෙබ් අඩවියක් එක් වරක් පමණක් rate කිරීමට සහ review කිරීමට හැකිය.
  • වෙබ් අඩවියක් rate සහ review කිරීමෙන් පසුව, පුළුල් සහ සාධාරණ ප්‍රතිචාර සහතික කිරීමට උපකාර වන පරිදි එම කාණ්ඩයේ අනෙකුත් අඩවි rate කිරීමට පරිශීලකයන් දිරිමත් කරනු ලැබේ.
  • වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි සම්මානය සඳහා සුදුසුකම් ලැබීමට වෙබ් අඩවියකට අවම වශයෙන් තහවුරු කරන ලද rate කිරීම් 400ක් ලැබිය යුතුය.
  • සුදුසුකම් ලබන වෙබ් අඩවි අතරින්, ඉහළම සාමාන්‍ය ලකුණු (rate කිරීමේ අගයන් සලකා) ඇති වෙබ් අඩවිය අදාල කාණ්ඩයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබේ.

03. තහවුරු කරන ලද (verified) හා තහවුරු නොකරන ලද (guest) rate කිරීම්

  • තහවුරු කරන ලද (verified) පරිශීලකයන් විසින් (ඔවුන්ගේ ඊමේල් හෝ දුරකථනයට ලැබෙන OTP එක හරහා) ඉදිරිපත් කරන ලද rate කිරීම් 100% අගයක් ගනු ලැබේ. එබැවින්, වඩාත් සුදුසු වන්නේ සියලුම පරිශීලකයන් මෙම ක්‍රමය භාවිතා අනුගමනය කලහොත්ය.
  • ඕනෑම කෙනෙකුට වෙබ් අඩවියක් rate කිරීමට හැකිය — ගිණුමක් අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, තහවුරු නොකරන ලද (guest) rate කිරීම් අඩු අගයක් දරනු ලැබේ.
  • වෙබ් අඩවියකට අවම වශයෙන් තහවුරු කරන ලද (verified) කිරීම් 400ක් ලැබුණු පසු rate කිරීම්වල සාරාංශයක් දැකගැනීමට හැකි වනු ඇත.

Review ක්‍රියා කරන ආකාරය

01. එය වැදගත් වන්නේ ඇයි?

මහජන rate කිරීම් ජනප්‍රියත්වය තීරණය කිරීමට උපකාර වන අතර, ලිඛිත reviews වටිනා ප්‍රතිචාර ලබා දෙයි — විශේෂයෙන් විනිශ්චයකරුවන්ට සහ වෙබ් අඩවි හිමිකරුවන්ට/සංවර්ධකයන්ට..

02. Review කිරීමේ ක්රියාවලිය
  • Reviews මහජනතාවට අදාළ නොවන බැවින් ඒවා BestWeb.LK විනිශ්චයකරුවන්ට සහ වෙබ් අඩවි හිමිකරුවන්ට පමණක් ලබා දේ.
  • වෙබ් අඩවිය සඳහා rate කිරීමක් ලබා දීමෙන් පසුව පමණක් review එකක් ඉදිරිපත් කිරීමට හැකි වේ.
  • නිසි අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන පරිදි සියලුම reviews සම්පාදනය කර වෙබ් අඩවි හිමිකරුවන්/සංවර්ධකයන් සමග බෙදා ගනු ලැබේ.

03. ක්‍රියාවලිය

  • මුලින් පරීක්ෂා කර ඇගයීමට ලක් කරන ලද සහභාගිවන්නන්ට rating කිරීම් e-ලාංඡනයක් ලබා දෙන අතර, එමගින් ඔවුන්ව rate හා review කිරීම් ක්‍රියාවලියට ඇතුළත් කිරීමට හැකි වේ.
  • තරඟයට සුදුසුකම පවත්වා ගැනීම සඳහා තරඟය පුරා ඔවුන්ගේ වෙබ් අඩවියේ e-ලාංඡනය කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කිරීම සහභාගිවන්නන්ට අනිවාර්‍ය වේ.
  • අදාළ rate කිරීමේ link එක BestWeb.LK rate හා review කිරීම් පද්ධතියට සම්බන්ධ වන අතර සහභාගිවන්නාගේ මුල් පිටුවට සම්බන්ධ කරනු ලැබේ.
  • සාධාරණ ඇගයීමක් සහතික කිරීම සඳහා සියලුම ඇගයීම් අදාළ කාණ්ඩ මත පදනම්ව පවත්වනු ලැබේ.
  • Rate කිරීම් හා review කාලය පුරාවටම, BestWeb.LK තාක්ෂණික කණ්ඩායම නිශ්චිත කාල සීමාව තුළ ස්වයංක්‍රීය පද්ධතියක් භාවිතා කරමින් සහභාගිවන අඩවි සක්‍රීයව නිරීක්ෂණය කරනු ලැබේ. මෙම සම්පූර්ණ නිරීක්ෂණය එක් එක් කාණ්ඩයේ වඩාත්ම ජනප්‍රිය සම්මාන ජයග්‍රාහකයන් තීරණය කරනු ලැබේ.

ප්‍රවර්ධන ක්‍රියාකාරකම්

Rate හා review කිරීම් කාලය තුළ ප්‍රචාරක ක්‍රියාකාරකම් කරන හෝ වෙනත් වෙබ් අඩවිවල බැනර් දැමීම ඇතුළුව ඔවුන්ගේ වෙබ් අඩවිවල දෘශ්‍යමානත්වය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රවර්ධන ක්‍රියාකාරකම්වල නිරත වීමට සහභාගිවන්නන් දිරිමත් කරනු ලැබේ.

උපායමාර්ගික ප්‍රවර්ධන කටයුතු හරහා දෘශ්‍යතාව වැඩි කරන්න

සහභාගිවන්නන්ට ඔවුන්ගේ වෙබ් අඩවි ප්‍රවර්ධනය කිරීම සඳහා පිළිගත හැකි, නීත්‍යානුකූල සහ ආචාරධර්මීය ක්‍රම භාවිතා කිරීමට අවසර ඇත. කෙසේ වෙතත්, කිසිදු ආකාරයකින් rate කිරීම් “මිලදී ගැනීම” හෝ බොට්, “ව්‍යාජ ගිණුම්” භාවිතා කිරීම හෝ එක් පුද්ගලයෙකුට එක් වරකට වඩා ශ්‍රේණිගත කිරීමට ඉඩ දීම දැඩි ලෙස තහනම් කර ඇත.

ඔබේ වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් වැඩි දියුණු කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරන්න

Rate හා review කිරීම් කාලය තුළ අවශ්‍යතාවයට අනුව පිළිගත හැකි, නීත්‍යානුකූල සහ ආචාරධර්මීය ක්‍රම භාවිතා කරමින් ඔවුන්ගේ අදාළ සමාජ මාධ්‍ය වේදිකාවල සහ/හෝ වෙනත් අලෙවිකරණ ක්‍රියාකාරකම් හරහා BestWeb.LK වෙබ් අඩවිය ප්‍රවර්ධනය කිරීමේ විකල්පය සහභාගිවන්නන්ට ඇත.

Skip to content
This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.