BestWeb.LK තරඟය .lk ඩොමේන් නම් යටතේ ලියාපදිංචි වන ලද සියලුම වෙබ් අඩවිවලට විවෘතයි (එනම්, .lk, .gov.lk, .ac.lk, .sch.lk). සුදුසුකම් නිර්ණායක පිළිබඳ වඩාත් සවිස්තරාත්මක අවබෝධයක් සඳහා, කරුණාකර නියම සහ කොන්දේසි පිටුව බලන්න.
www.bestweb.lk හි ලබා ගත හැකි ප්‍රවේශ link එක භාවිතා කල හැක.
අයදුම් කිරීමේ ක්‍රියාවලිය පියවරෙන් පියවර විස්තර කර, video මාර්ගෝපදේශයක් මෙම වෙබ් අඩවියේ පළ කරනු ලැබේ.
.com අඩංගු හෝ .com link වෙත යොමු වන වෙබ් අඩවි / නීති විරෝධී, අසභ්‍ය, අපයෝජන, හෝ අනවශ්‍ය අන්තර්ගතයක් ඇති වෙබ් අඩවි, සහ විනිශ්චයකාරී මණ්ඩලය විසින් අඩු ගුණාත්මක හෝ හානිකර අන්තර්ගතයක් ඇති ලෙස සැලකෙන වෙබ් අඩවි සුදුසු නොවේ. සුදුසුකම් නිර්ණායක පිළිබඳ වඩාත් සවිස්තරාත්මක අවබෝධයක් සඳහා, කරුණාකර නියම සහ කොන්දේසි පිටුව බලන්න.
.lk ඩොමේන් සඳහා, registrant හෝ admin විසින් domains.lk වෙබ් අඩවිය හරහා (https://rs.domains.lk/myaccountlogin) මඟින් online අයදුම්පත ඉදිරිපත් කළ හැකියි. registrant හෝ admin නොවන පුද්ගලයෙකු විසින් අයදුම්පත ඉදිරිපත් කරන විට, ඩොමේන් නාමයේ registrant හෝ adminගේ අනුමැතිය අනිවාර්ය වේ.
gov.lk/ac.lk/sch.lk ඩොමේන් සඳහා, ඕනෑම අනුමත නිලධාරියෙකුට rs.domains.lk හරහා අයදුම්පත ඉදිරිපත් කළ හැකිය. අයදුම්පතේ කොපියක් නිල මුද්‍රාව සමඟ අනුමත නිලධාරී/කොමසාරිස්වරයාගේ අත්සන සමඟ විද්‍යුත් තැපෑලෙන් යොමු කල යුතු වේ.
BestWeb.LK වෙබ් අඩවියේ සඳහන් පරිදි ලියාපදිංචි කිරීමේ කාල සීමාව තුළ අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. අවසාන දිනයෙන් පසු ප්‍රමාද වූ අයදුම්පත් පිළිගනු නොලැබේ.
BestWeb.LK තරඟය සඳහා විවිධ කාණ්ඩ හරහා ඔබේ වෙබ් අඩවියට අයදුම් කල හැකි වන අතර, තවත් විශේෂ සම්මානද ලබා දෙයි. TopWeb.LK මඟින් වෙබ් අඩවියේ පොදු ගුණාංග කෙරෙහි අවධානය යොමු කරයි.
TopWeb.LK: මාසිකව පවත්වනු ලබන අතර, පොදු ගුණාංග ඇගයීමට ලක් කරයි. අවම ප්‍රමිතිය සපුරාලන සියලුම අඩවිවලට පිළිගැනීමක් ලබා දෙන අතර, “.lk” වෙබ් අඩවිවල අඛණ්ඩ වැඩිදියුණු කිරීම මෙහි අරමුණයි.
BestWeb.LK තරඟාවලිය සඳහා වෙබ් නිර්මාණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දැනුම සහ පළපුරුද්ද ඇති ක්ෂේශ්ත්‍රයේ විශිෂ්ටයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් පත් කෙරේ. වෙබ් අඩවි විවිධ කාණ්ඩවල තරඟ කරයි. ඇගයීම් විශ්ලේෂණ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට මෙම link එකට පිවිසෙන්න : https://www.bestweb.lk/judging-criteria/
අයදුම්පත ඉදිරිපත් කිරීමේදී, ඔබ එහි කොන්දේසි සහ නියමයන් පිළිපැදීමට එකඟ වන බව සලකනු ලැබේ.
ප්‍රමාද වූ අයදුම්පත් පිළිගනු නොලැබේ.
අයදුම්පත ඉදිරිපත් කිරීමේදී, ඔබට ලබා දී ඇති මෙනුවෙන් සම්මාන කාණ්ඩය තෝරා ගත හැකිය. කාණ්ඩ ලැයිස්තුවට ප්‍රවේශ වන්න https://www.bestweb.lk/award-categories.
කාණ්ඩයේ වෙනසක් අවශ්‍ය නම්, එය Judging කාල සීමාවට පෙර ඉල්ලා සිටිය යුතුය,https://www.bestweb.lk/time-frame හි ලබා දී ඇති කාල සීමාවේ දක්වා ඇති පරිදි.
ඉල්ලීම bestweb@domains.lk වෙත විද්‍යුත් තැපෑලෙන් කළ හැකිය
ජයග්‍රාහකයන් විනිශ්චයකරුවන් විසින් තෝරා ගනු ලබන අතර, ඔවුන්ගේ තීරණ අවසාන තීරණය ලෙස සලකනු ලැබේ.
ඔව්, Rating සහ Review කාල සීමාව තුළ වෙබ් අඩවි හිමියන්ට ඔවුන්ගේ වෙබ් අඩවි සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රවර්ධනය කිරීමට අවසර ඇත.